සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 05
2021 නොවැම්බර් 03, සාරාංශය
ප්‍රශ්නයකින් පිළිතුරකට, හෝ ගැටලුවකින් විසඳුමකට සොයාගෙන යන ගමනකට තමා ජීවිතය කියන්නේ. කවුරුත් ප්‍රශ්න වලටකැමති නෑ, ප්‍රශ්න ගැටලු හොයාගෙන යන්නේ නෑ, හොයාගෙන යන්නේ පිළිතුරු හෝ විසඳුම්. ප්‍රශ්න අඩු කරගන්න, විසඳගන්න, සමහර ප්‍රශ්න ඇති නොවන ආකාරයට ජීවත් වෙන්නට බොහෝ උපක්‍රම විද්‍යාව, කලාව, ශාස්ත්‍ර හා. තාක්ෂණයන් තුළ තියෙනවා. මුදල්වලින් විසඳෙන ප්‍රශ්න තිබෙනවා. මුදල් නැති නිසා ඇතිවෙන වැඩි වෙන ප්‍රශ්න තිබෙනවා. මිතුරන් ඥාතින්ගෙන් හිතවතුන්ගෙන්සහ අඳුරන අයගේ උදව්වෙන් විසඳා ගත හැකි ප්‍රශ්න තිබෙනවා. කාත් කවුරුත් නැති උනහම ඇතිවන ගැටලු, වැඩි වන ගැටලුත්එමටයි. දැන් මේ විදිහට දැනුම නිසා විසඳගන්න හැකි ගැටලුත් තිබෙනවා. ඒ වගේම දැනුම නැති නිසා, දැනුම අඩු වෙනකොටවැඩි වන ගැටලු තිබෙනවා. ඒ වගේම කාය බලය, කාය ශක්තිය, චිත්ත බලය, චිත්ත ශක්තිය, සමාජයීය බලය, මේවා මගිනුත් අපේසමහර ප්‍රශ්න විසඳාගන්න පුළුවන්.
එදිනෙදා ප්‍රශ්න වලට, සාමාන්‍ය ප්‍රශ්න වලට, ජීවිත ගැටළුවලට මේ විදිහට විසඳුම් සොයා ගෙන යනවා. ඇයි අපට මේපමණටමවිසඳුම් හොයන්න වෙලා තියෙන්නේ, ජීවිතයම ගැටළුවක් නිසා, ජීවත් වීමම ගැටලුවක්. කිසි ප්‍රශ්නයක් නෑ කියල කීවට ටිකක්කල්පනා කරන්න ඉඩ දුන්නොත් ප්‍රශ්න ධාරාවක් වැල නොකැඩී උනන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්න ගැටලු වලට කියන තවත් නමක්තමයි “ජීවත් වීම”. ප්‍රශ්න ගැටළු නැත්නම් ඔය අපි දන්න විදිහේ ජීවත් වීමක් නෙමෙයි කරන්නේ, කෙරෙන්නේ, කරන්න වෙන්නේ.
උදේට අවදි වෙලා වැඩකරල මහන්සිවෙලා රාත්‍රියට නින්දට යන්න, කන්න බොන්න හොයන්න, කවන්න, පොවන්න, බේත්ගන්න මේවිදිහේ ජීවත් වීමක් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රශ්න උනන උල්පතක් එහෙම නැත්නම් ප්‍රශ්න පිපිරෙන ගිනි කන්දක් වැනිජීවිතයක් අපට ලැබිලා තිබෙන නැතිනම් ලබාගෙන තිබෙන නිසයි. අපි දන්න ලෝකයේ සියලු ප්‍රශ්න විසඳූ කෙනෙකුත් නැ, සියලුමප්‍රශ්න විසඳාගෙන තවත් විසඳන්න ප්‍රශ්නයක් නෑ කියලා කියන කෙනෙකුත් නැ. නැවත ප්‍රශ්නයක් එන එකක් නෑ කියා අපටත්කියන්න බෑ. තිබුන ප්‍රශ්න නම් විසඳුවා ආයෙ හෙට දවස අලුත් ප්‍රශ්නයක් එන්නේ නෑ කියා රක්ෂණයක් සහතිකයක් දෙන්නත් බෑ. ඉතින් මෙහි කෙළවරක් නැහැ.
අපට කාලය දැනෙන්නේ කොහොමද, නොවිසිදුන ප්‍රශ්න සමගය. ප්‍රශ්නයක් මතුවෙනවා, ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නෙ තියෙනකල්කාලය දැනෙනවා. හොඳට බලන්න කාලය දැනෙන්නේ කොහොමද කියා, ඔරලෝසුවේ කාලය නොවෙයි ඔරලෝසුවේ කාලය හෝ දින දර්ශනයේ කාලය අපට දැනෙන්නෙ නෑ හැබැයි අපට දැනෙනවා කාලය ගත වෙන බව. නොවිසදුනු ප්‍රශ්නත් එක්කයි කාලය අපට දැනෙන්නේ කොහොමද. ප්‍රශ්නයක් තිබෙනවා විසදිලා නෑ. එය කායික වේදනාවක් වෙන්න පුළුවන් “මේ ඉසරදය උදේ වරුවේ ඉඳන්තාම තියෙනවා” මෙහෙම තමයි අපට කාලය දැනෙන්නේ. නොවිසදුන ප්‍රශ්නත් එක්ක කාලය ප්‍රශ්නයක් වෙන්නේ ඔය විදිහට. කාලයක් තිබුණු ප්‍රශ්නයක් විසඳුනහම මොහොතකට කාලේ නතර වුණා වගේ වෙනවා. මේ අපේ මානසික කාලය, ආවේගශීලී කාලය එක්වරම නැවතුනා වගේ. එහෙම නැවතිලා ටික කාලයක් තියෙයි.
හැබැයි ආයෙත් අලුත් ප්‍රශ්නයක් එක්ක ආයෙත් මේ සංසාරික ඔරලෝසුව කැරකෙන්න පටන් ගන්නවා. සමහරවිට සසර මේ වගේ ප්‍රශ්න දෙකක් අතර පුංචි විරාමයක්, විවේකයක් අපට දෙනවා. දැන් ප්‍රශ්න විසඳලා ඉවරයි අලුත් ප්‍රශ්නයක් තාම ඇවිල්ලා නෑ වගේ. ඉතින් මේ විවේකයට තමා සැප කියලා කියන්නේ. දැන්නම් හරි හොඳයි, කිසි ප්‍රශ්නයක් නෑ, සියල්ල හොඳින් වෙනවා allright, ok,very good, මේ හැම වචනයක්ම අපි කියන්නේ මේ විරාමයට, මේ විවේක කාලෙට. හැබැයි ඇත්ත මේ විවේක කාලය මනුෂ්‍යලෝකයේ බොහොම සුළු කාලයක්. සමහර විට වෙනත් ලෝක තිබෙන්නට පුළුවන් දීර්ග විවේක කාල තිබෙන, හැබැයි මේ මිනිස්ලෝකෙ විවේක කාල නම් හරිම කෙටියි.
ඉතින් මේ විවේකය කෙටියි කියන්නේ, අපි වැඩි කාලයක් කාර්යබහුල කියන එකයි. ප්‍රශ්න ආවහම ඒවා විසඳන්ට ඕනෙ, දගලන්නට වෙනවා, දුවන්න වෙනවා, කතා කරන්න වෙනවා, හම්බ කරන්න වෙනවා, ඉතිරි කරන්න වෙනවා, වියදම් කරන්න වෙනවා, ණයවෙන්න වෙනවා, පොලී ගෙවන්න වෙනවා. එතකොට නිකම්ම කාර්යබහුලයි. මේ තමා මනුෂ්‍යයා සංසාරේ තබා තිබෙන තැන, කාර්යබහුල තැන. හිතන්න වෙලාවක්, දකින්න වෙලාවක්, විවේක ගන්න වෙලාවක්, මෙනෙහි කරන්න වෙලාවක්, සාකච්ඡා කරන්නවෙලාවක්, එහෙම වැඩිය වෙලාවක් දීලා නෑ, එහෙම දෙන්නෙත් නෑ. කතා කරන්න වෙලාවක් දෙනවා හැබැයි සාකච්ඡා කරන්නවෙලාවල් දෙන්නෙ නෑ. කතාබහ කිරීමයි සාකච්ඡා කිරීමයි දෙකක්. කෙසේ හෝ කාර්යබහුල තැනක තමා තබා තියෙන්නෙ. කාර්යබහුල කියන්නේ ප්‍රශ්න තියෙන තැනකට. ප්‍රශ්නවලට වහ වහා විසඳුම් සෙවිය යුතු තැනකට. හරියට ගිනි කන්දක් පාමුල වගේ, ඉතින් මේ ගිනි කන්ද ඕන වෙලාවක පුපුරන්න පුළුවන්. අපි දන්නවා ආර්ථික සෞඛ්‍ය සමාජ කියන ගිනිකඳු පුපුරන්න පුළුවන්. මේවිදිහට ගිනිකඳු රාශියක් තියෙනවා කොයි වෙලේ කොහොම කොයි විදිහට පුපුරයිද දන්නෙ නෑ. ඉතින් මේවට විසඳුම් සොයන්න වෙනවා. මේවැනි ආතතියක බියක සැකයක තමයි සංසාරේ මනුෂ්‍යාව තබා තිබෙන්නේ. එහෙම තැනක ඔබ අප ඉන්න විට අපටවෙන දේවල් හිතන්න දකින්න කාලයක් නෑ, එදිනෙදා ප්‍රශ්න ටිකටම දවස මදි. වෙලාවක් නෑ කියලා තමයි බොහෝ විට අහන්න ලැබෙන්නේ. වැඩ ගොඩයි ඉලක්ක වැඩියි කාලය අඩුයි.
කාලය සහ ඉලක්ක, විසඳිය යුතු ප්‍රශ්න අතර තරගයේ ප්‍රතිඵලය තමා ආතතිය. මේ දෙක අතර පුද්ගලයා හිරවෙනවා හරියට Sandwich එකක් වගේ. සංසාරය මේ කාලයයි ප්‍රශ්නයි නිර්මාණය කරලා තියෙන්නේ හරි අපූරු විදිහකට. මොකක්ද එකක් සීමිතයි අනිත් එක අසීමිතයි. ප්‍රශ්නය සීමිත වෙලා කාලය අසීමිත නම් එතන කිසි ආතතියක් නැහැ. බොහොම සැහැල්ලුවෙන් විවේකයෙන්ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්. ඕනෑ තරම් කාලය තියෙයි, කිසි හදිසියක් නෑ, හොඳින් හුස්ම ගන්න, සෞන්දර්ය දකින්න, දරුවන් එක්ක ඉන්න, නෑදෑයින් එක්ක ඉන්න, මේ සියල්ලම කර ඉවරවී නිදහසේ ප්‍රශ්නත් විසඳන්න පුළුවන් නම් හරියට ස්වර්ගය පිළිබඳ හීනයක් කතන්දරයක් වගෙයි. හැබැයි යම් හේතුවක් නිසා සංසාරය මනුෂ්‍යයාව හදල තියෙන්නේ අනිත් පැත්තට. සීමිත කාලයක් තුළ ඉවරයක් නැති අසීමිත ප්‍රශ්න. මේ දෙන්නා දෙපැත්තට අදිනවා මෙහෙම අදිද්දී හිරවෙන්නෙ පීඩනයට පත් වෙන්නේ මැද ඉන්න කෙනා. ප්‍රශ්න වැඩි වෙන්න වැඩි වෙන්න කාලය අඩුවෙන් තමයි දැනෙන්නේ. කාලය තියෙන්නේ අඩුවෙන් කියලයි තේරෙන්නේ. මේ කාරණය හොඳට දකින්න, මෙනෙහි කරන්න, ප්‍රශ්න ඉලක්ක වැඩිවෙන්න වැඩිවෙන්න ඒවාට ළඟා වෙන්න තියෙන කාලය අඩු වෙනවා. ඉතින් ප්‍රශ්න අසීමිත උනහම වෙන්නේ මොකක්ද, කාලය බිංදුව වෙනවා කිසිම දේකට කාලය නෑ කියන තැනටඑනවා. එතන තමයි ඇදවැටෙන්නේ, ආතතියේ බිඳවැටීම සිදුවන්නේ එතැනදි, ඔලුව යකාගේ කම්මල වගේ. මෙහෙම ඔලුවක් තමාසංසාරයට අවශ්‍ය. හේතුව එයාට කම්මල අස් කරන්න වෙලාවක් නෑ, මේකෙ තියෙන්න ඕනේ මොනවද අස් කරන්න ඕනේමොනවද, නොකරන්න ඕනේ මොනවද, ඉන්න ඕනේ කවුද, නොඉන්න ඕනේ කවුද මේවා එකක්වත් තේරුම් බේරුම් කරගෙනපටලැවිලි ලිහාගෙන ඉන්න වෙලාවක් නෑ. හැම වෙලාවෙම එන එන උදැල්ල තලන එකයි, එන එන පිහිය මුවහත් කරන එක තමාකරන්නේ, කම්මල්කරුවාත් කම්මලත් කාර්යබහුලයි, මහා ඝෝෂාවක්. හැබැයි අවසානයේ කම්මල්කරුවට ඉතුරුවුන දෙයක් නෑවැහැරුණු ශරීරයයි ගෙවුණු මිටියයි තැලුණු කිණිහිරයි කැඩුණු මයින හමයි විතරයි. මෙහෙම ඉන්නකොට කෑවද බිව්වද හිතන්න වෙලාවක් නෑ හිතුනත් කරන්න වෙලාවකුත් නෑ. මේකද ජීවිතය කියන්නේ උත්තරේ? ඔව්.
හැබැයි මෙහෙම ජීවත් වුණත්, දවසක විවේකයක් විශ්‍රාමයක් ලැබෙයි කියලා හීනයක් සංසාරෙ පෙන්නලා තියෙනවා. එය හීනයක් මිස හැබෑ කර ගත්තු කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. අපේ ඇස් බැඳලා හීනෙ දීලා තියෙන්නේ. පේන්නේ නැති පේනවා කියනහැගීම ඇති කරලා තියෙන්නේ. ඒක මැවීමක් විතරයි පෙනීමක් නෑ. මවා පෙන්වීම හා රැවටීම එකක් පෙනීම හා දැකීම තව එකක්. ඇස් වහලා රවට්ටනවා රැවටුන බව දන්නේත් නෑ. ඇස් වහල කියලා දන්නෙත් නෑ මොකද ඇස් වහගෙන ඉද්දී හීන පේනවා වගේපේනවා. මේ භෞතික ඇහැ ඇරිලා තිබුනට, කිසියම් ඇහැක් වැහිල තියෙන්නෙ. වැහුනට මොකද දන්නවා කියන හැඟීම ඇතිකරනවා.
ඉතින් අපි දන්න දේවල් මොනවද කියලා හිතුවොත් නොදන්න දේවල් නෑ වගේ. හැම මනසක්ම දැනුම් සාගරයක්. හැබැයි මෙයමනංකල්පිත මවාගත් හිතාගත් දැනුමක්. දැකීමයි දැනීමයි දෙකක්. මෙය දැකීමෙන් තොර දැනීමක්. අපිට දකින්න වෙලාවක් නෑ, එම නිසා දැනීමෙන් නතර වෙනවා. කන්දක් නගින්න වෙලාවක් නෑ කන්දක් නගින්න ඉවසීම වීරිය දහිරිය ඕනේ. හැබැයි කන්ද පාමුලතියෙන පොඩි දිය කඩිත්තකට ඇහැ යොමු කළොත් අර මුළු කන්දෙම ප්‍රතිබිම්බයක් පේනවා හරි ලස්සනයි. කල්‍යාණ මිත්‍රවරුනිබොහෝ දෙනෙක් කන්ද දැක්කා කියලා, කන්ද ගැන අපි දන්නවා කියලා, කන්ද තරණය කරා කියලා මෙතනින් නතර වෙනවා. මේදැකීම ඇස් වහලා කෙනෙකුට පාට අදුන්වලා දෙනවා වගේ වැඩක්. හැම දෙයක් ගැනම අපිට කියා දීලා තියෙනවා. ඒ කියා දුන්න දේදැනුමක් විදියට අපි ‘මම දන්නවා’ කියන තැනට ඇවිල්ලා තියෙනවා.
අපිට දැන ගන්න වෙලාවක් යන්නේ නෑ කන බොන ගමන් යන එන ගමන් දැනගන්න පුළුවන්. එයට ලොකු අවධානයක් අවශ්‍යත් නෑ. මේ දැනුම කියන දේ නිරන්තරයෙන්ම අපට කාන්දු වෙනවා. ඉතින් ලොකු අවධානයක් තිබ්බොත් වැඩි දැනුමක් ගන්න පුළුවන්. වැඩිප්‍රමාණයක් තැන්පත් කර ගන්නත් පුළුවන්. හැබැයි අවධානය අඩු වුණා කියලා දැනුම අප තුළට කාන්දු වීම නවතින්නේ නෑ. දැනගන්න විවේකයක් අවශ්‍ය නෑ. යකාගේ කම්මල වගේ හිටියත් දැනගන්න පුළුවන්. ඊළඟ වැදගත් ම කාරණය දැනගන්න ගිහිල්ලා අපි කාර්යබහුල වෙලා තියෙනවා. අහන්න කියවන්න හිතන්න ගිහින් මේවාට අපි බුද්ධිමය කාර්යයන් කියා කියනවා. එතකොට බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන් අපි කාර්යබහුලයි. බාහිර කාර්යබහුලත්වය පේනවා අභ්‍යන්තර කාර්යබහුලත්වය පේන්නේ නෑ. හැබැයි නොපෙනුනාට අභ්‍යන්තර කාර්යබහුලත්වය විශාලයි සහ හානිකරයි, එයටයි රැවටෙන්නේ දන්නවා කියා රැවටීමක්මායාවක් ඇති කරනවා. හැමවෙලේම යමක් කටේ දාගන්න කෙනෙකුට රහ බලන්න හපන්න ගිලින්න දිරව ගන්න වෙලාවක්තියෙනවද? මේ තොරතුරු ඔලුව ඇතුලට දාගන්න කෙනා යකාගේ කම්මල වගේ. හැබැයි දැනුම එකක්, ඉගෙනීම තව එකක්, දැනගැනීම තව එකක්, දැකීම තවත් එකක්. අපි කන්ද පාමුල තියෙන පුංචි දිය කඩිත්තකට වැටිලා තියෙන මහා ප්‍රතිබිම්බය දැකලා අපි කන්ද දැක්කා කියලා සතුටු වෙනවා,අපි දන්නවා කියලා සෑහීමකට පත් වෙනවා. මේ දැනුම දහමේ තුච්ඡ කොට සලකා තියනවාදහම ගැන මනා දැනුමක් තිබුණු පෝඨිල හාමුදුරුවෝ ගැන බුදුන් වහන්සේ කියන්නේ ‘තුච්ඡෝ පෝඨිලෝ' . ළාමක කෙනෙක් බුදුන්වහන්සේ කළ දේශනා දන්නවා, හැබැයි ඇත්තටම දන්නෙ නෑ, වචනවලින් නැවතිලා, සංකල්ප අර්ථකථන න්‍යායන් වලින් නැවතිලා. මේ කාරණය හරියට කන්ද පාමුල ලස්සන කූඩාරමක් හදාගෙන මේ කුඩා දිය කඩිත්තෙන් පේන මායාව දිහා බල බලා කඳු මුදුන දැක්කා අත්දැක්කා කියලා සතුටු වෙනවා වගේ.
කල්‍යාණ මිත්‍රවරුනි සංසාරය විසින් මේ මායාව ඇතුලේ අපිව ලස්සන හීනෙක නිදි කරවලා තියෙන්නේ, ඇහැරෙන්න දෙන්නෙ නැතිහීනෙක. දන්නවා කියන, කාර්යබහුලයි කියන, ප්‍රශ්න ඉවරයක් නෑ කියන, කෙටි කාලයයි තියෙන්නෙ කියන හීන වලින් ඇහැරෙන්නකාලය සිහිබුද්ධියට හෝරාවයි මේ කතා කරන්නේ. සිහිබුද්ධියට ඇහුනොත් මේ පණිවිඩේ සිහිබුද්ධිය අවදිවෙයි, අවදි වෙනවා නම්අවදි වෙන්නේ සිහිබුද්ධිය පමණයි. අවදි වෙන්නට අවශ්‍ය වෙන කෙනෙක් නෑ. අවදිවීමේ සැබෑ ගැඹුරු අවශ්‍යතාවය තියෙන්නෙ සිහිබුද්ධියටයි, එයා දන්නවා මොකක්ද වෙන්න කියලා. හැබැයි එයාගෙන් ඇහුවොත් පමණයි එයා කියන්නේ වෙන්නේ කුමක්දකියා. අවස්ථාවක් වෙලාවක් දෙන්න සිහිබුද්ධියට, නවතින්න මොහොතක් සිහි බුද්ධියත් එක්ක. සිහිබුද්ධියත් එක්ක නැවතුනොත් සිහිබුද්ධියත් එක්ක අලුත් දිශාවකට අලුත් ගමනක් පටන් ගන්න පුළුවන්. එයයි සදහම් සැදැවේ එකම අරමුණ. ඒ අරමුණින් අපි බලමු කොතරම් දුරට අපට සිහිබුද්ධියට ආමන්ත්‍රණය කරගන්න පුළුවන්ද අවදිකරගන්න පුලුවන්ද ඒ අවදිවනු සිහිබුද්ධියටපේන්නේ මොනවද කියලා.
භාවනාව
- මතක් වෙන මතක් වෙන කාරණා සමග මනස හීන දකින හැටි බලන්න .
- අනිවාර්යෙන්ම පිළිතුරු සෙවිය යුතු නිසැකයෙන්ම විසඳිය යුතු පළමු ප්‍රශ්නය කුමක්ද?
- ජීවිතය කියන්නේ ප්‍රශ්න රාශියකට දෙන නමක්. තව ටිකකින් හෙට උදේට හෙට දවල්ට හෙට රෑට අනිද්දට ලබන සතියට විසඳන්න අනිවාර්යයෙන්ම විසදිය යුතු ප්‍රශ්න අනිවාර්යයෙන්ම පිළිතුරු සොයා ගත යුතු ප්‍රශ්න ලැයිස්තුවකට තමා ජීවිතය කියා කියන්නේ. ඒඅතර හිතෙනව නොවේ දැනෙනවද ප්‍රමුඛස්ථානය දිය යුතු ප්‍රශ්නය. එහෙම ප්‍රශ්නයක් තිබෙනවාද තිබුණද තවමත් තිබෙනවාද? මෙයට දැනුමින් උත්තර දෙන්නත් එපා දැනුමෙන් උත්තර හොයන්නත් එපා. දැනෙන්නෙ කුමක්ද?. හරියට තද පිපාසයක් තිබෙන විට පිපාසය තමයි ප්‍රශ්නය දිව ගිලෙන තරමට මොන තව ප්‍රශ්න තිබුණත් පැන් ටිකක් තමා පිළිතුර. පලවෙනි තැන දෙන්නේ දිව ගිලෙනපිපාසයට. වටේටම ගිනි ඇවිලී ගෙන එනවා නම් පලවෙනි තැන දෙන්නෙ පැනගන්න පුළුවන් තැනකින් පැන ගැනීමට. එකම ප්‍රශ්නයනෙමේ තව ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රමුඛස්ථානය දෙන ප්‍රශ්නය. එහෙම දැනෙන සැබෑවටම දැනෙන ගැටළුව ? අසා තිබෙන කියවා තිබෙන සිතා තිබෙන ප්‍රශ්න නොවෙයි. හැබෑවටම සැබැවින්ම දැනෙන ප්‍රශ්නය කුමක්ද?. එහෙම දැනෙන ප්‍රශ්නයක්තිබෙනවාද ප්‍රමුඛස්ථානය දිය යුතු ප්‍රශ්නයක්? පළමුවෙන්ම විසඳුම් සොයන්න ඕන ප්‍රශ්නෙ.
- කවදහරි විසදුනොත් ඇති කියන ප්‍රධාන ගණයේ ප්‍රශ්නයක් නොවෙයි, විසදිය යුතු ප්‍රශ්න අතර වඩාත් බරපතළම ප්‍රශ්නය විදිහටදැනෙන්නෙ කුමක්ද? එහෙම බරපතළ ප්‍රශ්නයක් දැනෙනවද දිගටම පවතින?
- සිතීම අත්හැහ දැනෙන්න හරින්න. හොයන්න එපා ප්‍රශ්න හොයනකොට නැති ප්‍රශ්නත් ප්‍රශ්න වෙනවා හොයන්න ගියොත් දැනෙන්නඅරින්න, බලාගෙන ඉන්න, ඉවසීමෙන් ඉන්න
- හරියට පපුව ගැහෙනවා දැනෙනවා වගේ සමහරවිට මෙතෙක් කල් දැනුනේ නෑ දැන් දැනෙන්නෙත් නැති වෙන්නත් පුළුවන්, මැරෙනතුරු නොදැනෙන්නටත් පුළුවන්, මරණ මොහොතේ පමණක් පමණක් දැනෙයි, හැබැයි පපුව ගැහෙනවා අවධානය යොමුකළොත් නිහඬව විමසිල්ලෙන් හිටියොත් පමණයි එය දැනෙන්නේ.
- සංසාරික හදගැස්මට කිසියම් මට්ටමකින් සමීප උන, යාන්තමට හෝ ඇසී නෑසී යන තරමට වත් කිට්ටු වූ ඈතින් හරි ඇහෙනනෑහෙන ගානට දැනෙන සිහිබුද්ධියක් අවදිවුනු මේ භාවනාවෙන්ම අපි සංවාදයට එමු.
සාකච්ඡාව
ජීවිතේ ඇත්තටම උත්තර හොයන්න ඕනේ ප්‍රශ්න කිහිපයකටයි. අසීමිත ප්‍රශ්න තොගයක් නෑ ජීවිතේට. ගිමන් නිවන්න මහන්සිඅරින්න හුස්ම ගන්න වෙලාවක් නෑ, දුවන්න දුවන්න දුවන්න වේගය අඩු කළොත් විවේක ගත්තොත් පරාදයි. එය මායාවක්, බොරුවක්, එහෙම ආතතියක තමා අපිව තියලා තියෙන්නෙ. හැම ප්‍රශ්නෙටම උත්තර ඕනේ නෑ, භාවනා කළත් නැතත් සමහරප්‍රශ්න අමතක වෙලා යනවා. අනිත් අතට භාවනා කරන කොට අර බොරුවට හදපු ප්‍රශ්න ටිකට වැඩිවෙලාවක් ඉන්න බෑ, බොරුවටආයුෂ නෑ කියනවනේ. බොරුව විසින් මවපු ප්‍රශ්න නැතිවෙලා යනවා, සබන් බෝල වගේ. තියෙනකොට අත්‍යවශ්‍යයි වගේ කියලාහිතන බලාපොරොත්තු පසු කලක අනවශ්‍යයි කියල තේරෙනවා, අවශ්‍යතාවය නැති වෙලාම යනවා. අපි ඒවා හිතන්න යන්නෙත් නෑ, අපටම මතක නෑ මෙහෙම බලාපොරොත්තුවක් තිබුනද අපි ඒ වෙනුවෙන් මුල්ගල් තියලා වැඩකටයුතු කළාද කියා.
සංසාරේට ඕනේ ඉලක්ක. භවය කියන්නෙ ඒකනෙ. ඉලක්ක ටිකක් ඕනේ. මොන ඉලක්කයක් වුණත් කමක් නෑ අධ්‍යාපනික ද, ආගමික ද, ආධ්‍යාත්මිකද, හොඳද, නරකද, ඒවා ගැටලුවක් නෑ. හොඳත් එක්කත් භවය හැදෙනවා නරක එකකත් බවයහැදෙනවා. අපි මොනවා කළත් ඒ දේ ඇතුලෙන් මෙයා මතුවෙනවා. භවය හදන්නයි එයාට ඕන. හොඳ නරක ඕනේ කාටද, වෙනමකෙනෙකුට එය වෙනම කාරණයක්, එය නොවෙයි එයාට වැදගත් වෙන්නේ, එයාගේ වගකීම තමා භවය හදා පෙන්වීම. ඉතින්ඉලක්ක හද හද පෙන්වනවා. භාවනාව ඇතුළෙත් ඉලක්ක හදල පෙන්නනව, පුංචි ඉලක්ක වල ඉඳන් කවදාහරි ඉටුවෙයි කියන ඈත බලාපොරොත්තු දක්වාම. ඔය ලෞකිකයි කියන බලාපොරොත්තු හොඳයි, ආධ්‍යාත්මික බලාපොරොත්තු වලට වැඩිය. මොකද ලෞකික බලාපොරොත්තු පේනවා. ඒ වගේ හොඳ නරක ඇත්ත බොරුව හොයාගන්න පුළුවන්. අද හෙටම නිස්සාරත්වය දකින්නපුළුවන්. හැබැයි ආධ්‍යාත්මික බලාපොරොත්තු සමහරවිට මේ ආත්මයේ හඳුනාගන්න බෑ. මේ ආත්මයේ නෙමෙයි ඒව ඉටු වෙන්නේමරණින් පස්සේ.
ඉතින් එහෙම තැනකින් අපි සංසාරේ හදනවා. ඒ සංසාර හරි දිගයි මේ සංසාරේට වැඩිය. හැබැයි කිසිම ඉලක්කයක් ඕනෙ නෑ මේ ඉලක්ක සේරම සංසාරයට අයිති දේවල්. ඒනිසා ඔක්කොම ඉලක්ක අත්හරින්න කියල කිව්වොත් වෙන්නේ මොකක්ද?. එක්කෝභාවනාව අතාරිනවා, මොකද මේක තේරුම් ගන්න බෑනෙ කිසිම බලාපොරොත්තුවක් එපා කිව්වොත්. භාවනා කරන්නනෙ නෑසාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න තියෙනවනේ, ඒ නිසා භාවනාව අත්හරිනවා. එහෙම නැත්නම් කිසිම ඉලක්කයක් නැහැ කියන ඉලක්කයට එනවා. බලාපොරොත්තු නොතිබිය යුතුයි කියන බලාපොරොත්තුව හදාගන්නව. මේ තමා මෙතන තියෙන ශුක්ෂම කාරණය. කොහොමහරි මෙයා මතුවෙනවා, ඒ නිසා එයා ආවා වේ අපිට එයාව නැති කරන්න බෑ. මෙතන තියෙන්නෙ බලාපොරොත්තු අනාගතයට සම්බන්ධ දෙයක්. භාවනාව තියෙන්නේ එතන නෙමෙයි. මෙය තේරුම් ගන්න. භාවනාවේ ඉලක්ක හොයන්න යන්න එපාභාවනා කළාම කුමක්ද ලැබෙන්නේ, මොනවා වෙන්නද භාවනා කරන්න ඕන, මොනවද ලබා ගන්න ඕනේ, මොන විදිහේ වෙනසක්කරගන්න ද, කවුරු වෙන්න ද, ඒ උගුලට අහුවෙන්න එපා. ඉලක්කයක් බලාපොරොත්තුවක් එපා කිව්වොත් මොකුත් කරගන්න බැරිවෙනවා නේ, ඒ නිසා භාවනාව බලාපොරොත්තු බවට පත් කරගන්න. ගමන තමයි බලාපොරොත්තුව, ගමනාන්තය නොවෙයි. ඉලක්කය “ගමන” වාඩි වීමයි බලාපොරොත්තු, ඇස් වහ ගන්නවා නම් ඇස් වහ ගැනීමයි බලාපොරොත්තුව, ඇස් වහගෙන යමක්දකින්න නෙමෙයි වාඩිවෙලා යමක් කරන්න නෙමේ වාඩි වෙනකොට වාඩි වීමමයි බලාපොරොත්තුව. ඇස් ඇරගෙන ඉන්නවනම් ඇස්ඇරගෙන ඉදීමමයි බලාපොරොත්තුව. පුළුවන් තරම් ඒ බලාපොරොත්තු ළඟට යන්න මෙතනට මේ මොහොතට. ක්‍රියාව තමයි බලාපොරොත්තුව, ප්‍රතිඵලය නොවෙයි.
සාමාන්‍ය ජීවිතේ මේ දේ කරන්න හරි අමාරුයි. ඉගෙන ගන්නෙ විභාග පාස් කරන්න. එතකොට ක්‍රියාවයි ප්‍රතිඵලයයි දෙකක් තියෙනවා. ඒ විදිහට භාවනාවත් කරන්න පුළුවන් භාවනාවත් පුණ්‍ය කර්මයක් වෙනවා. හැබැයි සිහිබුද්ධිය අපිට කියනවා නෑ ක්‍රියාවයි බලාපොරොත්තුව, ප්‍රතිඵලය නොවෙයි. එතකොට අනිත් කාරණා, කවදා මැරෙයිද කොච්චර කල් ඉන්න හම්බවෙයිද, ලෙඩවෙයිද, භාවනාව දිගටම කරගන්න පුළුවන් වෙයිද, මේ සිතුවිලි වලට බෑ අපිව බය කරන්න. මේවා සිතිවිලි, සිතිවිලි ප්‍රබල වෙන්නේඅපි ඒවාට පණ දුන්නොත්, හැබැයි මේවා සිතිවිලි කියලා දැනගත්තොත් අපට ප්‍රශ්නයක් නැහැ, මොකද මෙතනයි භාවනාව තියෙන්නෙ එතන නොවෙයි. මෙතන භාවනා කිරීමයි මගේ බලාපොරොත්තුව. මෙතනට ගෙනාවොත් ඒ සිතිවිලි වලට බෑ අපව වට්ටන්නට.
අත්දැකීම් වල ස්වභාවය තමා ලැබිලා නැති වෙලා යාම. භාවනාවෙනුත් අත්දැකීම් ලැබෙනවා ජීවිතයෙනුත් අත්දැකීම් ලැබෙනවා. නැති නොවන අත්දැකීමක් නෑ, අත්දැකීමෙන් නැවතුනු කෙනාට නැතිවුන දේවල් තමා ඉතිරිවෙන්න තියෙන්නේ. කවදා හරි කියන්නවෙන්නේ අරක තිබුණා, මේක තිබුණා, ධ්‍යානයක් තිබුණා ගෙදරක් වාහනයක් තිබ්බ කියා පමණයි. මොකද ඒ සියල්ල අත්දැකීම්, ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනවා.
අවබෝධය වෙනස්, මම අවබෝධය සඳහායි භාවනා කරන්නේ කියලා හිතන එකට වැඩිය අවබෝධ කර ගැනීමයි වැදගත්වෙන්නේ. එතකොට අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි, අවබෝධයක් නෑ කියන එක. මම හිතනවා නම් මට අවබෝධයක් තියෙනවා කියලා, ඒ අනවබෝධයෙන් එන සිතිවිල්ලක්. ඒ නිගමනය ඒ විනිශ්චය එන්නේ අනවබෝධයෙන්. අනවබෝධය තමා හැමවිටම අවබෝධයෙ අයිතිකරු විදිහට පත්වෙන්න හදන්නේ. මට අවබෝධය ලැබිලා තියෙනවා, මම අවබෝධ කර ගත්තා, මේවිදිහට අතීත අවබෝධයක වර්තමාන අයිතිකරු වෙන්න හදන්න බලන්නේම අනවබෝධය.
අවබෝධය අයිතිකාරයෙක් නෙමෙයි. එයාට අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නෑ මෙය අවබෝධ වුණාද නැද්ද කියලා. අවබෝධය සජීවීයි ඒ කියන්නේ මේ වෙලාවේ අවබෝධයෙන් ද ඉන්නේ එච්චරයි ඊයෙ තේරුණාද නෙවෙයි. මේ මොහොතේ ඉන්නේ අවබෝධයෙන්දඑතැනට එන්න, භාවනාව තුළත් එතැනට තමයි එන්න ඕනේ. බලන්න අවබෝධයෙන්ද ජීවත් වෙන්නේ, අවබෝධයෙන් ද හිතන්නේ, ඇහුම්කන් දෙන්නේ, උත්තර දෙන්නේ, නැත්නම් අතීත දැනුමක වර්තමාන අයිතිකරු වෙලාද උත්තර දෙන්නෙ කියල. මේ දෙකවෙන්කර ගන්න පුළුවන් නම් ලොකු ගමනක් අපට යන්න පුළුවන්.
සිහිබුද්ධිය මතකයට හෝ දැනුමට කිසිම සම්බන්දයක් නෑ. දැනුම සැමවිටම අතීතයේ කොටසක්. අපිට තේරුණා, දැනගත්තා කියෙව්වා, ඉගෙන ගත්තා, හිතුවා, දැන් මේ සියල්ල අතීතයට සම්බන්ධයි. එතකොට මේවා මතක තියෙන දේවල්. මතකයේ තියෙනදේවල් අමතක වෙන්න පුළුවන්. මතකය නැති වෙන්න පුළුවන්. එහෙම වුනොත් අවබෝධයට මොකද වෙන්නේ?. අවබෝධයේ නම් මතකයත් තියෙන්නේ මතකයේ නම් අවබෝධයත් තියෙන්නේ ඒ දෙකෙන් එකක් නැති වෙනකොට අනිත් එකත් නැති වෙනවා. මටමේක අවබෝධයි මතක නෑ මතක් වෙනකම් පොඩ්ඩක් ඉන්න එහෙම කියන්න බෑ. එහෙම කියන්න සංසාරේ ඉඩ දෙන්නේ නෑනේ. ප්‍රශ්නයක් එනවිට මතක් කර ගන්න වෙලාව දෙන්නෙ නෑ. අමතක වෙලා යන්නේ ඒකයි. එහෙම තමයි හදලා තියෙන්නේ අපි අසරණවෙනවා, දැනුම සරණ ගිය කෙනාට යන එන මං නැති වෙනවා. ඉතින් හදිසි ප්‍රශ්නයකදී අපි කරන්නෙ හිතාගත්තු නැති දෙයක්. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එම නිසා මතකය දැනුම පිළිබඳ විශ්වාසයක් තියන්න එපා. දැනුම අපිට විශ්වාසයි කියලා අධිතක්සේරුවක් කරන්න එපා. එහෙම හිතලා තව තව දැනගන්න දැනුම කියන මිරිගුව පස්සේ දුවන්න කෙනෙක් වෙන්න එපා. වැදගත්ම දේ සිහිබුද්ධියෙන් ඉන්න. කිසිම දෙයක් දන්නේ නැති උනත් සියල්ලම අමතක වුණත් කමක් නෑ. සිහිබුද්ධිය නැති වෙලා මුළු ත්‍රිපිටකයම මතකයට ආවත් කවුද ප්‍රයෝජනයට ගන්න ඉන්නේ. සිහිබුද්ධිය නැත්නම් කවුද එයින් ප්‍රයෝජනයක් ගන්නේ? කවුරුවත් නෑ. අතීත දැනුමේ වරදක් නෑ, අතීත දැනුමෙන් ප්‍රශ්න අනතුරු අඩු කරගන්න පුළුවන්, හැබැයි නොදන්නා අනතුරකදී අපිමොනවද කරන්නේ? සංසාරෙට අපිට කියන්න බෑ අපි දන්න ප්‍රශ්න ටික විතරක් එවන්න කියලා හරියට විභාග වලදි වගේ, උගන්වලා ඒ ටිකෙන් විතරයි ප්‍රශ්න අහන්නේ කියල. ඒ ක්‍රමයට තමයි අපි හුරු වෙලා තියෙන්නෙ පුංචි කාලේ ඉඳන්. හැබැයි ජීවිතේඊට වඩා වෙනස් අපි නොහිතපු, නොදන්නා ප්‍රශ්න, එතනදී ප්‍රයෝජනවත් වෙන්නේ හා ඉතිරිවෙන්නෙ සිහිබුද්ධිය පමණයි. සිහිබුද්ධියවර්තමානයේ තියෙන දෙයක්. එය දැනුමට කිසිම සම්බන්ධයක් නෑ. වචන දැනුමට සම්බන්ධයි. නමුත් ඒ දැක්ම වචනයක් වත්දැනුමක් වත් නෙමේ. අතීතයට යටත් වෙච්ච දේකුත් නෙමෙයි.
සිහිබුද්ධිය කියන්නේ දහම් දැනුම නෙමේ. සිහිබුද්ධිය කියන වචනෙ නම් දැනුමෙ කොටසක්. කොහේදි හරි ‘මම සිහිබුද්ධියෙන්ඉන්න ඕන’ කියලා අහලා තිබ්බා කියලා, කියවල තිබ්බා කියල, මතක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ මතක් වෙන්නේ සිහිබුද්ධිය නෙමෙයිනේ. වචනය මතක් උනා කියලා ඒ වෙලාවේ සිහිබුද්ධියෙන් ඉන්නෙ නෑනෙ. කොච්චර දේවල් මතක් වෙන්න පුළුවන්ද, සමාධිය කියල මතක් වෙන්න පුළුවන්, සෝතාපන්න කියලා මතක් වෙන්න පුළුවන්, හැබැයි එහෙම මතක් වුනා කියලා ඒ ස්වභාවය එන්නේ නෑනේ. ඒ වගේ තමයි සිහිබුද්ධියත්. සිහිබුද්ධිය කියලා මතක් උනාට ඒ මතක් වෙන්නෙ සිහිබුද්ධිය නෙමෙයි ඒ වචන ටික ඒ සංකල්පය ඒ දැනුම තමා මතක් වෙන්නේ. සිහිබුද්ධියෙන් සිටීම මේ වචන දෙකටපසම්බන්ධයක් නැති දෙයක්. හැබැයි වචන දෙකනැතුව කියන්න බෑනෙ කියන්න වචන ඕනේ. හැබැයි මේ වචන නෙමේ සිහිබුද්ධිය කියන්නේ. කිසිම සිහිබුද්ධියක් නැතිව දහම්දැනුම ඉහළටම තියෙන්න පුළුවන්. එයට සිහිබුද්ධිය අවශ්‍ය නෑ.
හිතින් කයින් වචනයෙන් යමක් කරන්න කලින් කරන්න යන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ සිහිබුද්ධිය තිබුණොත් පමණයි. මේ මොහොතේ ඇහෙන්නේ පේන්නේ මොකක්ද කියලා දැනගැනීමට තමා සිහිය කියලා කියන්නේ. සිහිය තිබුනොත් දන්නවා දැන් මොකක්ද වෙන්නේ කියලා, මට මොකද වෙන්නේ කියලා. හැබැයි මම මොකක්ද කරන්න යන්නේ කියන එකට සිහිබුද්ධිය ඕන වෙනවා. ඇහෙනවා පේනවා හිතෙනවා සිහිය තිබ්බොත් අපට මේවා දැනගන්න පුළුවන්. ඒ ඇහෙන පේන හිතෙන විඳින දේට මම මොකක්ද කරන්න යන්නේ, මගෙන් මොකක්ද කෙරෙන්න යන්නේ කියන එකට සිහිබුද්ධිය ඕන වෙනවා. කරන්න කලින් කරන්න යන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ සිහිබුද්ධිය තිබුණොත් පමණයි. කරන්න කලින් කරනකොට නෙමෙයි කරන්න කලින් කෙරෙන්න යන්නේ මොකක්ද?. ඒ දේ දැක්කොත් මේ දේ තමයි කියවෙන්න යන්නේ, හිතෙන්න යන්නේ, කරන්න යන්නේ, කියලා කලින් දැන ගන්න පුළුවන්. හැබැයි අනාවැකියක් විදිහට නොවෙයි. මේ හැම දෙයක්ම වෙන්නේ, හිතන්නෙත්, කියන්නෙත්, කරන්නෙත්, චේතනාවෙන්. එතකොට චේතනාවක් ආපු ගමන් යමක් කියන්න, කරන්න, හිතන්න, පුළුවන්නම් අපි චේතනාවට ඉඩ දෙනවා ඔහේ ඉඩ දෙනවා. එතකොට කරාට පස්සේ තමා තේරෙන්නේ ඇයි මම කරේ කියල, නොකර ඉන්න නේ තිබුනේ, එහෙම නැතිව මීට වඩා වෙනස් දෙයක් කරන්න තිබ්බේ, කියන්න තිබ්බේ, හිතන්න තිබ්බේ එතකොට ප්‍රමාද වැඩියි, එතකොට කරලා ඉවරයි නේ. එතකොට එන්නේ පසුතැවිල්ල, දැනුම, ආයෙ නම් මම කරන්නේ නෑ කියන අතීතයෙන්පාඩම් ඉගෙන ගන්නවා. හැබැයි සිහිබුද්ධිය තිබුනොත් කරන්න කලින් කෙරෙන්න යන දේ දැනගන්න පුළුවන්. දකිනවා විතරක්නෙමෙයි ඒ දේ කරන්න මම අනුමැතිය දෙනවද නැද්ද ඒ චේතනාවට මම අනුමැතිය දෙනවද නැද්ද කියන තීරණය ගන්නත් පුළුවන්. එතකොට ඒ අනුමැතිය දුන්නේ නැත්නම් එය චේතනාවක් විතරයි, කර්මයක් වෙන්නේ නෑ, මනෝ, කාය , වාචසික කර්ම වෙන්නේනෑ, චේතනාවක් විතරයි තිබුණේ. අන්න එතනට තමයි සිහිබුද්ධිය ඕන. එයටයි සිහිබුද්ධිය කියන්නේ. සිහිබුද්ධියෙන් නොහිටපු නිසයි අප තවමත් සංසාරේ ඉන්නේ. හැබැයි කවදාවත් හිටිය නැති වුණාට දැන් ඉඳන් සිහිබුද්ධියෙන් ඉන්න පුලුවන්නේ.
සංසාරෙන් නික්මෙන්න තමයි සිහිබුද්ධිය ඕන වෙන්නේ, සංසාරයට ඔරොත්තු දෙන්න සිහිබුද්ධිය අවශ්‍ය නෑ. එතනට ඕන වෙන්නේසංසාරෙට හොදට ඔරොත්තු දෙන්න පුළුවන්කම, එයා තමයි උචිතයා සංසාරේ ඉන්න පුළුවන්.
තීරණ ගැනීමේදී සිහිබුද්ධියට ඕනම දෙයක් උදව් කරගන්න පුළුවන්. අතීතයේ වෙච්ච දේත්, වැරදිච්ච දේත්, උදව් කරගන්නපුළුවන්. ඒ වෙලාවට තව කෙනෙක් කියන දේත් උදව් කරගන්න පුළුවන්. අලුතෙන්ම හිතන්නත් පුළුවන් සිහිබුද්ධියට. මේ හැමදෙයක්ම අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කරනවා සිහිබුද්ධිය, හැබැයි ඒ එකකටවත් වහල් වෙන්නේ නැතිව. එක දෙයක්වත් හරි කියලා එක්වරම තීරණය කරන්නේ නැතිව. සිහිබුද්ධිය හැම දෙයක්ම එකතු කරල තෝරලා බේරලා පෙරලා ගන්නවා. සිහිබුද්ධියට තමා ඒටික කරන්න පුළුවන්. එහෙම නැතිනම් හැම විටම එක දේකට වහල් වෙනවා, එක්කෝ අතීත දැනුමකට, නැත්නම් විද්‍යාවකට, නැත්නම් කලාවකට, ශාස්ත්‍රයකට. එහෙම නැත්නම් ඒ වෙලාවේ කවුරුහරි කියන දේකට එක පාරට අපි වහල් වෙනවා.
සිහිබුද්ධිය මතුවෙන්න මතුවෙන්න තමයි විචාරය එන්නෙ. සිහිබුද්ධිය නැතිනම් විචාරයක් නෑ. අපි ඔහේ හරි කියලා පිලිගන්නවා එහෙම නැත්නම් වෙන්න බෑ කියලා පැත්තකට විසි කරනවා. හැබැයි සිහිබුද්ධිය තුලනය කරනවා, විමසනවා, විචාරනවා. විචාරීමතමයි අත්‍යවශ්‍ය. ඒ විචාරය ටික ටික මතුවීම, මේ සිහිබුද්ධියට හෝරාවක් සදහම් සැන්දෑවේ අත්දැකීමෙන් අවබෝධයට යනගමනේ කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. සාරාංශයක් එවන්නේ මේක පිළිගන්න කියලා නෙවෙයි තව තවත්විචාරශීලීත්වය අවුස්සන්න. ඉතින් විමසන්න, විමසන්න, විමසන්න. හිතනවාට වඩා ප්‍රශ්න කරන්න, ඒ තුළින් තමයි ආලෝකය පහලවෙන්නේ සිහිබුද්ධිය තමයි. හරියටම දොර කවුළුව හොයලා හරියටම ඒක විවෘත කරන්නේ, විවර කරන්නේ එළිය ඇතුලට එන්න. හැමදෙනාටම සෙතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා !